රටේ වත්මන් තත්ත්වය අනුව ජනතාව වෙනුවෙන් සාධනීය ප්‍රතිසංස්කරණ සිදු විය යුතු බව තමන්ගේද අදහස බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සමග සාකච්ඡා කර නුදුරේදීම ජානිපෙ යෝජනාවලිය පිළිබඳව තම අදහස ප්‍රකාශ කරන බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇමති විමල් විරවංස හා පැවැති හමුවේදී පැවැසූ බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේය.
ජාතික නිදහස් පෙරමුණේ 2 වැනි ජාතික මහා සමුළුවේදී සම්මත කර ගත් හදිසි ප්‍රතිසංස්කරණ යෝජනා 12, අද (24දා) අරලියගහ මන්දිරයේදී ජනාධිපවරයා වෙත පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මොහොමඞ් මුසම්මිල් මහතා මේ බව සඳහන් කළේය.