රටවල් 121ක් කේන්ද්‍ර කර ගනිමින් 2016 වර්ෂයේ සිදුකරන ලද සමීක්ෂණයකින් මවුකිරි ලබාදීමේ වැඩිම ප්‍රතිශතයක් ඇති රට ලෙස ශ්‍රී ලංකාව පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.
ඉපදී පළමු පැය ඇතුළත මවුකිරි ලබාදීමේ ප්‍රතිශතය 92%ක අගයක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය ලැබීමට ලංකාවට හැකි වුවත්, එය 95% දක්වා වැඩි කරගත යුතු බවද ඒ මහතා ඊයේ (27දා) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්රණ‘යේදී පැවසුවේය.
මෙම අගය දරුවාට මාස හතරක් පසුවන විට ක්‍රම‘යෙන් අඩු වීමක් දක්නට ලැබෙන බැවින් අඩුම තරමින් මාස 06 ක් වත් මවුකිරි පමණක් දරුවන්ට ලබාදීම සඳහා මවුවරුන් දැනුවත් කළයුතු බවද හෙතෙම පැවසුවේය.
සෑම වසරකම අගෝස්තු මස පළමු සතියේ ක්‍රියාත්මක ජාතික මවුකිරි දීමේ සතිය මෙවර 'මවුකිරෙන් සපිරි - ජාතියක අසිරි' යන මැයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන් කළ අධ්යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ මවුකිරි ප්‍රවර්ධනය අඩාල කරවන ළඳරු කිරි පිටි වර්ගයන්හී ප්රචාරක දැන්වීම් අඩාල කිරීම සඳහා වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භකර ඇති බවයි.
ඒ අනුව ළඳරු කිරි පිටි ප්රචාරක දැන්වීම් අවම කිරීම සඳහා අදාළ පනත්වල වගන්ති සංශෝධනය කිරීමට නියමිත බවද හෙතෙම පැවසුවේය.