රජීව් ගාන්ධි ඝාතකයන්ට එරෙහිව පනවා තිබූ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පත්කිරීමට එරෙහිව ඉන්දීය මධ්‍යම රජය විසින් ගොනුකළ පෙත්සම ඉවත දැමීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (01දා) කටයුතු කරනු ලැබීය.
මුරගන්, සනාතන් හා පෙරරිවාලන් නැමැති චූදිතයන් තිදෙනාට නියම කර තිබූ මරණ දඬුවම පසුගිය පෙබරවාරි මස 18 වැනිදා ජීවිතාන්තය දක්වා වන සිර දඬුවමක් බවට පත්කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. මෙම තීන්දුව අභියෝගයට ලක්කරමින් ඉන්දීය මධ්‍යම රජය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ පෙත්සමේ හරයක් නොමැති බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නැවත වරක් සඳහන් කළේ චූදිතයන්ට මරණ දඬුවම් නොව ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කරන බවයි.
රජීව් ගාන්ධි ඝාතනයේ චූදිතයන් 07 දෙනෙකුට මේ වනවිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබේ.