රජිව් ගාන්ධි ඝාතනයේ ප්‍රධාන චූදිතයන් නිදහස් කිරීමට අදාළව තමිල්නාඩු රජය විසින් ගනු ලැබූ තීන්දුව අත්හිටුවීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (27දා) තීරණය කරනු ලැබීය.
එසේම තමිල්නාඩු රජයට රජීව් ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමට පවතින හැකියාව පිළිබඳවද අවසන් තීරණයක් ඉදිරි සතියේදී ලබාදෙන බවද, ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.
රජිව් ඝාතකයන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමවීමෙන් පසුව ඔවුන්ව නිදහස් කිරීමට තමිල්නාඩු මහ ඇමතිනී ජය ලලිතා ජයරාම් කටයුතු කරනු ලැබූ අතර, එයට එරෙහිව ඉන්දීය මධ්‍යම රජය ශේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබීය.