ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝතනයේ චූදිතයන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (18දා) නියම කළේය.
රජිව් ගාන්ධි ඝාතනයේ චූදිතයන් වූ මුරුගන්, සන්තාන් හා පෙරරිවාලන් නැමැත්තන්ට මෙසේ ජීවිතාන්තය තෙක් සිර දඬුවම් ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලැබීය. මොවුන්ට මීට ඉහතදී මරණ දඬුවම නියම වී තිබිණි.
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි 1991 වසරේ මැයි 21වැනිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.
ඡායාරූපය ද හින්දු පුවත් පත ඇසුරෙනි