අධිකරණ නියෝග නොතකා මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලයේ සිසුහු අද (14) දිනයේ නැවත වරක් විශ්ව විද්‍යාලය ඉදිරිපිට අට්ටාලයක් සාදා සත්‍යග්‍රහය පෙර පරිදි ආරම්භ කළහ. ශිෂ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ සත්‍යග්‍රහය සදහා අදට (14) දින 67ක් ගතවී ඇති බවයි.
කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඊයේ (13) පෙරවරුවේ අත්අඩංගුවට ගැණුනු සිසුන් 8 දෙනා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ රුපියල් 50000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් උරේෂා ද සිල්වා මෙනවිය නියෝග කළාය. වැඩි දුරටත් ඔවුන්ට තදින් අවවාද කළ මහේස්ත්‍රාත්වරිය, නැවත වරක් මෙවැනි ක්‍රියාවන්ට සම්බන්ධ වුවහොත් ඇප අවලංගුකර රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන බව දන්වා සිටියාය.