ශ්‍රී ලංකා රජය යුද අපරාධ කර ඇතැයි කිසිම අවස්ථාවකදී ප්‍රකාශ නොකළ බවත්, තමන් වහන්සේට මඩ ගැසීමේ අරමුණෙන් රජ්‍ය මාධ්‍ය අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවත් සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.
සාමාන්‍යයෙන් සිවිල් යුද්ධයකදී මිනිසුන් මියයාමට ඉඩ තිබෙන බැවින් ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉඩදිය යුතු බවට දෙමළ පුවත්පතකට ප්‍රකාශ කළේ එම සංවිධානය සමග රජය ගිවිසුමකට අත්සන් තබා ඇති නිසා යැයිද උන්වහන්සේ කීහ.