හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට පෞද්ගලික සංචාරයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යෑමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (03දා)අවසර දුන්නේය.
හෙට (04දා) සිට ලබන 12 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කර පැමිණීමට යෝෂිත රාජපක්ෂ මහතාට අවසර ලබාදුන් විනිසුරුවරයා දැනට අධිකරණය භාරයේ ඇති ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමටද නියම කළේය.
උපයාගත් ආකාරය තහවුරු කිරීමට නොහැකි මුදලක් යොදවා කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් පුද්ගලික සමාගම (සී.එස්.එන්) පිහිටුවීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් කොට ඇතැයි කියන සිද්ධියට අදාළව ඇප ලබාදීමේදී විදේශගතවීම වළකාලමින් පනවා ඇති ඇප කොන්දේසිය තාවකාලිකව ඉවත් කොට පෞද්ගලික සංචාරයක් සඳහා ඉතාලියට යෑමට යෝෂිත රාජපක්ෂ මහතාට අවසර ලබාදෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.