නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම වැළැක්වීම සඳහා ශ්රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳව යුරෝපා සංගමයේ ප්රසාදය හිමිව තිබේ. කෙසේ නමුත් මේ වසර අවසානය වනවිට එම ක්රියාමාර්ග තවදුරටත් ධනාත්මකව ඉදිරියට පවත්වාගෙන යා යුතු බවද යුරෝපා සංගමය පෙන්වාදෙයි.
ශ්රී ලංකාවට අමතරව පැනමා, ෆිජී, ටෝගෝ හා වනවාටු යන රටවලටද යුරෝපා සංගමයේ ප්රසාදය හිමිව තිබේ. කෙසේ නමුත් නිතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමේ කාර්යයේ නිරත වූ කාම්බෝජය, ගිනියාව ඇතුළු රටවල් කිහිපයකට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමටද යුරෝපා සංගමය කටයුතු කර තිබේ.