ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ගෙනා යෝජනාවලියට එරෙහිව යුරෝපයේ වෙසෙන ශ්රී ලංකා එකමුතුව විසින් පවත්වනු ලබන දැවැන්ත උද්ඝෝණයක් අද (24දා) ජීනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම රැස්වෙන ගොඩනැඟිල්ල ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
බටහිර රටවල් විසින් ගෙනා ආ යෝජනාවලියට අදාළ ජන්ද විමසුම මේ සම 27 වැනිදා හෝ 28 වැනිදා පැවැත්විමට නියමිතය. එයට එරෙහිව ඡන්දය භාවිත කරන ලෙසට ඉල්ලමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තබෙන අතර එයට යුරෝපයේ වෙසෙන ශ්රී ලාංකිකයන් 5000කට අධික පිරිසක් සහභාගීවීමට නියමිතය.