යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්වී ගෙවී ගිය දින තිහක කාලය තුළදී යුරෝපා රටවලට මත්ස්‍ය කිලෝ තුන් ලක්ෂ අසූදහසක් අපනයනය කර තිබේ. 2015 වසරේ ජනවාරි මාසයේ සිට යුරෝපා සංගමයේ රටවලට මේ රටින් මසුන් යැවීම තහනම් කරනු ලැබිණි. මේනිසා වර්තමාන රජයේ මැදිහත්වීම මත ජුනි 21 වැනිදා සිට එම තහනම ඉවත් කරගත් අතර, මේ අනුව පසුගිය මස 21 වැනිදා සිට අද (21දා) දක්වා කාලය තුළ මත්ස්‍ය කිලෝ තුන් ලක්ෂ අසූදහසක් අපනයනය කර තිබේ.