ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ස්ටීවන් ජේ. රැප් තානාපතිවරයා විසින් පවත්වන ලද සාකච්ඡා අතරවාරයේදී යුද ගැටුම්වල අවසාන කාලයේදී සිදුවූ බරපතල මානව අයිතීන්වල අපහරණයන් ඇතුළු ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝන පිළිබඳව ඇසින් දුටු සාක්ෂිවලට සවන්දීමට ඔහුට හැකිවූ බව ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
මේ තත්ත්වයන් තුළ ස්වාධීන හා විශ්වාසදායී පරීක්ෂණ හරහා සත්‍යය සෙවීමටත්, අදාළ අවස්ථාවලදී දඬුවම් පැමිණවීමටත් ඇමෙරිකා එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකා රජය දිරිමත් කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. ස්ටීවන් ජේ. රැප් තානාපතිවරයා ජනවාරි 6 - 11 වකවානුව තුළ ශ්‍රී ලංකාවේ ගත කරන ලදී.