යාල ජාතික වන උද්‍යානයට අයත් ජල බවුසර් රථය මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරයෙකු තම ඥාතීන්ගේ ඡන්ද ව්‍යාපාර සඳහා සහයෝගය ලබාගැනීමට මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට ජලය බෙදාහැරීමට යොදා ගැනීම නිසා වන උද්‍යානයේ බලධාරීන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි පරිසර සංරක්ෂණ භාරය සඳහන් කරයි.
දැඩි නියං තත්ත්වය නිසා වන උද්‍යානයේ වන සතුන්ට අවශ්‍ය ජලය මෙම ජල බවුසරය යොදාගෙන දිය කඩිතිවලට දමමින් සිටි තත්ත්වයක් තුළ ජල බවුසරය රැගෙන යාම නිසා වනජීවී නිලධාරීන්ට එම කටයුත්ත සිදුකිරීමට නොහැකි වී තිබෙන බව එම සංගමයේ අධ්යක්ෂ සංජීව චාමිකර මහතා සඳහන් කළේය.