සෑම සිසුවෙකුටම නිදහසේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තහවුරු කළ යුතු බවත් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට පහරදීම හෙළාදකින බව ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය පවසයි. යාපනය විශ්ව විද්‍යාලයේ යාපනයේ සහ වව්නියාව මණ්ඩපයේ සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් එහි ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඊයේ(16) ඇති වූ ගැටුමකින් පසුව එම පීඨය දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දමා තිබේ.