තාවකාලිකව වසා දැමුණු යාපනය විශ්වවිද්‍යාලය ලබන බ්‍රහස්පතින්දා වනවිට යළි විවෘත කිරීමට හැකිවනු ඇතැයි රජය පවසයි. මේසම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේදී අද (19) පැවති සාකච්ඡාවකදී මේඳහා සියළු පාර්ශවයන්ගේ එකඟතාව පළ වී තිබේ. එහිදී විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කළ බවත් ලබන බ්‍රහස්පතින්දා සිට පීඨ මට්ටමින් විශ්වවිද්‍යාලය විවෘත කිරීමට එහිදී අවධානය යොමු වූ බවත් නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසුවේය.
ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලය තුළ අභ්‍යන්තර විනය පරීක්ෂණයක් මේවනවිටත් පැවැත්වේ. මෙම සාකච්ඡාව සඳහා ඩී.එම් ස්වාමිනාදන් හා අනුර ප්‍රියදර්ශන යාපා යන අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහත්වරුන් මෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනී මහාචාර්ය වසන්ති අර්සරත්නම් මහත්මිය, විශ්වවිද්‍යාල පාලක මණ්ඩලය සහ විශ්වවිද්‍යාලයේ සිංහල දෙමළ ශිෂ්‍ය සංගම්වල සභාපතිවරුන්ද එක්ව සිටියහ. ඇතිවූ සිද්ධිය පිළිබදව සියලු දෙනාම මේ වනවිට කණගාටු වන බවත් යළි මෙවැනි සිද්ධීන් ඇති නොවීමට වග බලා ගන්නා බවට ශිෂ්‍ය සංගම් සහතික වූ බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවා.