යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අද (16) පස්වරුවේ ඇති වූ ගැටුම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය තාවකාලිකව වසා දමා ඇත. එම විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසර සිසුන් පිළිගැනීමට සංවිධාන කර තිබූ උත්සවයකදී මෙම ගැටුම හටගෙන ඇති අතර එහිදී නවක සිසුන් පිළිගැනීම සඳහා නර්තන අංගයක් යොදා ගැනීම සම්බන්ධයෙන් ඇති වූ මත ගැටුමක් ගැටුමට හේතු වී ඇති බව වාර්තාවේ. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.
චාමර සම්පත්/ වව්නියාව මදුසංඛ අමරසිංහ