යාන් ඔය, ලබුකන්ද හා බුද්ධකන්ද ප්‍රදේශයෙන් හරස්කර සකස් කිරීමට යෝජිත යාන්ඔය ජලාශය නිසා ගම්මාන 17 ක් ජලයෙන් යට වී පුරාවිද්‍යා ස්මාරක 52 ක්, වැව් 24 ක් හා කුඹුරු අක්කර 7000 ක් ජලයෙන් යටවන බවත්, මෙය ඉතිහාසයේ රජරටට සිදුවන දරුණුම විනාශය බවත්, ප්‍රදේශවාසීන් හා පරිසරවේදීහු පෙන්වා දෙති. උතුරු ප්‍රදේශයට ජලය ගෙන යෑමට බව පවසමින් සිදුකරන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට අදාළ මැනුම් කටයුතු මේ දිනවල සිදුකරන බවත්, මේ නිසා ආසන්න වශයෙන් පවුල් 3000කට උන්හිටි තැන් අහිමි වන බවත් ප්‍රදේශවාසීහු සඳහන් කරති.
චීනයේ කැටික් ඉංජිනේරියන් සමාගම හා ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතියට වියදම් වන මුදලින් 85% ක මුදලක් චීන රජයෙන් පිරිනැමීමට නියමිතය.