ද්විපාර්ශ්වික ගිවිසුමක් නොමැතිව පසුගිය දෙසැම්බර් 31 වැනිදා සිට පවත්වාගෙන එන යහපාලන ආ‘ණ්ඩුව තවදුරටත් ක්‍රියාත්මක වනවාද යන්න අද (09දා) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තිරණය කිරීමට නියමිතය.
විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් අමාත්‍යවරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීම සඳහා පක්ෂයේ සභාපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇති අතර, මධ්‍යම කාරක සභාව අවසර ලබාදුනහොත් ඒ වෙනුවෙන් පත් කරන පිරිස් පිළිබඳ අද තීරණයක් ගැනීමට නියමිත බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය දෙසැම්බර් 31 වැනිදා දක්වා පක්ෂ දෙකේ එකඟතාවෙන් අත්සන් කළ ගිවිසුමක් මගින් යහපාලන ආණ්ඩුව පවත්වාගෙන ආ අතර, පැවැති මැතිවරණය හා වෙනත් කරුණු නිසා අදාළ ගිවිසුම අවසන් වුවද ආණ්ඩුව ඉදිරියටම පවත්වාගෙන යෑමට පක්ෂ දෙකේම පිරිස් කටයුතු කළහ.
එහෙත් මේ වනවිට පක්ෂ දෙක අතර පවතින අර්බුදය නිසා යහපාලන ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද, නැද්ද යන්නද අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කිරීමට නියමිතය.