ඉන්දීයාවේ නව අගමැතිවරයා ලෙස නරේන්ද්‍ර මෝඩි දිවුරුම්දීමේ අවස්ථාවට පාකිස්තාන ජනාධිපති නවාස් ෂෙරීෆ් වෙත භාරතීය ජනතා පක්ෂයෙන් නිල ආරාධනයක් ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ඉන්දියාවේ පැවැත්වෙන මෙවැනි රාජ්‍ය උත්සවයක් වෙනුවෙන් පාකිස්තාන නායකයෙකුට ආරාධනා කළ ප්‍රථම අවස්ථාව මෙය බවත්, ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින නොරිස්සුම් ස්වභාවය තුළ මෙම ආරාධනය අතිශය දූරදර්ශී ක්‍රියාවක් බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
එමෙන්ම, දිවුරුම්දීමේ උත්සවය වෙනුවෙන් සාක් කලාපීය රටවල සෙසු නායකයන්ටද භාරතීය ජනතා පක්ෂය විසින් නිල ආරාධනයක් සිදු කර ඇති අතර, ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සිදුකරන ලද ආරාධනය ජනාධිපතිවරයා විසින් භාරගනු ලැබ ඇති බව බී.බී.සී.ය පවසයි.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් උපුටා දක්වමින් බී.බී.සී.ය වැඩිදුරටත් පවසා සිටින්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එම උලෙළට සහභාගි වනු ඇති බවය.
ඉන්දීය අගමැතිවරුන් පදවියේ දිවුරුම් දීමේදී මේ ආකාරයෙන් විදේශීය රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයක් මින් පෙර සිදු වී නොමැති අතර, හොඳහිත සහ මිත්‍රත්වය පළ කිරීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් නරේන්ද්‍ර මෝඩි එවැනි පියවරක් ගෙන ඇති බව පැවසෙයි.
එළැඹෙන මැයි 26 වැනි සඳුදා අගමැති ධුරයේ දිවුරුම්දීමට සූදානමින් සිටින නරේන්ද්‍ර මෝඩි තමා වසර 12ක් දැරූ ගුජරාට් මහඇමති පදවියෙන් ඉල්ලා අස් වූ බවද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ලොව දැවැන්තම ප්රජාතන්ත්රවාදී මහ මැතිවරණයට මුහුණ දෙමින් මෙවර ඉන්දීය මහමැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට වාර්තාගත ජයග්‍රහණයක් ලබාදීමට නරේන්ද්‍ර මෝඩි සමත් විය.