ව්‍යාජ ලෙස සකස් කරන ලද පොලිස් හැඳුනුම්පතක් භාවිත කරමින් අඟුලාන හා ලුනාව යන ප්‍රදේශවල කාන්තාවන් බියවද්දා එම කාන්තාවන් සමග ලිංගිකව එක්වී මුදල් හා දේපළ කොල්ලකෑ පුද්ගලයෙකු හා ඊට ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියදුරෙකු අද (19දා) මොරටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොරටු පොලීසියේ පොලිස් පරීක්ෂකයෙකු ලෙසට මොහු අදාළ ව්‍යාජ හැඳුනුම්පත සකස්කොට තිබිණි. මෙම සැකකරුවන් දෙදෙනාම හෙට (20දා) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිස් වෙසින් සිටි මෙම සැකකරු හිටපු යුද හමුදා සෙබළෙක්ද වෙයි.