ජාතික ආණ්ඩුවේ අමාත්‍යධුර හිමිවීම පිළිබඳව ප්රගතිශීලී ජනතාව කනගාටුවෙන් සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ගේ නිල ෆේස්බුක් ගිණුම යැයි සදහන් පිටුවක මෙලෙස සඳහන්කර තිබේ.
මිත්‍රවරුනි,
අද දින ජනතා අප්‍රසාදයට පත් සමහර මන්ත්‍රීවරුන්ට කැබිනට් ඇමතිධුර, ඇමතිධුර හා නියෝජ්‍ය ඇමතිධුර හිමිවීම පිළිබදව ප්රගතිශීලී ජනතාව කණගාටුවට පත්වී සිටියි. මේ තත්ත්වය උදා වී තිබෙන්නේ ජාතික ආණ්ඩුවක් ඇතිවුණු තත්ත්වය තුලය. කිසිදු පක්ෂයකට තනි ආණ්ඩුවක් සෑදීමට නොහැකි නිසා මෙය හැර වෙනත් විකල්පයක් නැති බව කණගාටුවෙන් දැනුම් දෙමි. මාගේ දිවිය මෙතෙක් කල් රටට හා ජනතාවට කැප කල අයුරින්ම ඉදිරියටත් ජනවාරි 8 ජනතා අපේක්ෂාවන් සුරකින බවට පොරොන්දු වෙමි