වසර හයකට පසු ගෙවීගිය 2013 වසරේදී මුහුදු මංකොල්ලකෑම්වල ශීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබෙන බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (ICC)ජාත්‍යන්තර සමුද්‍රීය කාර්යංශය (IMB) පවසයි.
ජාත්‍යන්තර සමුද්‍රීය කාර්යාංශයේ ගෝලීය මුහුදු මංකොල්ලකෑම් පිළිබඳ වාර්ෂික වාර්තාව පෙන්වා දෙන පරිදිපසුගිය වසරේදී ලොව පුරා මුහුදු මංකොල්ලකෑම් 264ක් වාර්තා වී ඇති අතර, එය සෝමාලි මුහුදු මංකෝල්ලකෑම්වල ඉහළම වර්ධනයක් පෙන්වූ 2011 වසර සමග සැසඳීමේදී 40% ක පහළ යෑමකි.
එම වාර්තාවට අනුව, 2013 වසරේදී සෝමාලි මුහුදු සීමාවේදී වාර්තා වී ඇත්තේ මුහුදු මංකොල්ලකෑම් සිද්ධි 15ක් පමණි. එය 2012 දී සිදුවීම් 75ක් ලෙස වාර්තා වූ අතර, 2011 දී සිදුවීම් 237ක් ලෙස වාර්තා විය.