දකුණු පළාත් සභා මැතිවරණයට සන්ධානයෙන් වෙන්ව තනිව තරගකරන බව මුස්ලිම් කොංග්රසයේ මහලේකම් හසන් අලි මහතා පැවසීය. දකුණු පළාත සඳහා කුමන අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නේද යන්න පිළිබඳව මෙතෙක් තීරණයකට එළඹ නැති බවත්, එළඹෙන බදාදා (22දා) රුස්වන මැතිවරණ කමිටුවේදී අවසන් තීන්දුව ගන්නා බවත් මහලේකම්වරයා කීය.
දකුණු පළාතේ සමහර ප්රදේශවලට මුස්ලිම් කොංග්රසයේ ආසන සංවිධායකවරුන් නොමැති නිසා ඒ ගැනද අවධානය යොමුකර ඇතැයි හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් බස්නාහිර පළාත් සභාවට තනිවම තරග කරන බවට මේ වනවිට ස්ථීර තීරණයකට එළඹ ඇතැයිද හසන් අලි මහතා වැඩිදුරටත් කියා සිටියේය.