තම බිරිඳට මෙවර පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවස්තාව නොදීමට විරෝධයපා කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත්වී තිබේ. එසේම තමන් පක්ෂයෙන් ඉවත්වීමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවත් හෙතෙම පැවැසීය.
“මගේ බිරිඳ වන පෙරෝසා මුසම්මිල්ට නාමයෝජනා නොදීමත් මේ තීරණයට එක් හේතුවක්. ඒවගේම තවත් හේතු එයට බලපෑවා. කිසිදු ප්‍රතිපත්තිමය තීන්දුවක් හරියට ගන්න බැරි කෘත්‍යාධිකාරි මණ්ඩලයක නමක් තියාගෙන ඉන්නවාට වඩා ඉවත්වෙන එක හොඳයි කියලා හිතුණා. දැන් කෘත්‍යාධිකාරි මණ්ඩලය එක එක්කෙනාගේ අතකොළුවක් වෙලා තියෙනවා. මා කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත්කළේ නායකතුමයි. ඒකේ හිඳගෙන නායකතුමා විවේචනය කිරීම සදාචාර සම්පන්න නැහැ. ඒ නිසා ඉන් ඉවත්වී මගේ අදහස මා ප්‍රකාශකරනවා”යැයිද නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.