මේදිනවල හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් සිදුවන මුවන් මැරීම පාලනය කිරීම සඳහා රහස් පොලීසියේ කණ්ඩායම් රැසක් අද (12දා) සිට එම ප්‍රදේශයට අනුයුක්ත කිරීමට තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. කතරගම වන්දනා සමය බැවින් මේදිනවල අලෙවි කිරීම සඳහා වස දී මුවන් මැරීම බහුලව සිදුවන අතර,යාල, බූන්දල, උඩවලව ආදී වනෝද්‍යාන ආශ්‍රිතව මෙය බහුලව සිදුවන බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය පැවසීය.
ඒඅනුව අද(12දා) සිට ක්‍රියාත්මක වන පරිදි කතරගම, තිස්සමහාරාම, හම්බන්තොට, අම්බලන්තොට, උඩවලව ඇඹිලිපිටිය, තණමල්විල, වැල්ලවාය, බුත්තල,මොනරාගල ආදී ප්‍රදේශ සඳහා රහස් පොලීසියේ මෙම විශේෂ වැටලීම් කණ්ඩායම් යොදවනු ඇත.
දඩයක්කරුවන් සහ මස් ළඟතබාගන්නන් සඳහා දැඩිදඬුවම් පමුණුවන බවත්, නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහත්වරුන් සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම පියවර ගත්බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය පැවසීය.