මුලතිව් පුදුකුඩුඉරිප්පු මුංගිලියාය ප්‍රදේශයේ තිබී සොයාගත් මිනිස් හිස්කබල් 9 ක් පිළිබඳ විමර්ශනය කිරීමේදී ඒවා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඝාතනය කළ පුද්ගලයන්ගේ හිස්කබල් බවට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඊයේ (02දා) දිනයේදී එම ප්‍රදේශයේ පදිංචි ගෝපාල් කුඩිස්වරම් නමැති පුද්ගලයෙකු ලබාදුන් සාක්ෂි මත මෙම අස්ථි කොටස් කොටි සංවිධානය කළ ඝාතනයක් බවට හෙළිවී ඇතැයිද, මෙම අස්ථි කොටස් යාපනය රෝහලට ගෙන ගිය බවද හෙතෙම පැවසීය.
2009 වසරේදී පෙබරවාරි 9 වැනිදා එල්.ටී.ටී.ඊ සංවිධානය අසල වත්තක මිනී වළ දමන බවට කොටි සංවිධානයේ හිටපු පොලිස් නිලධාරියෙකු ගෝපාල්ට පවසා තිබුණු බවත්, මෙම සිරුරු මිහිදන් කරන ආකාරය දුටු බවට ඔහු පවසා ඇතැයි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.