වැට් බද්ද,උපාධිධාරීන්ගේ විරැකියාව වැනි ජනතා විරෝධී හා ජනතාව පීඩාවට පත්කරන මේ සියලු කාරණාවලට විරුද්ධව ජනතාව පෙළගැසී සිටින බවත්, තමන්ට අකමැති දේශපාලකයන්ට පමණක් නොව ක්‍රීඩකයන් වන මුරලිට පවා අපහාස කරන වත්මන් රජය ගෙන යන පීඩාකාරී ක්‍රියාවන්ට විරුද්ධව සියලු මහජනතාව අප සමග එක්වී පෙළගැසී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (28දා) ගැටඹේ රාජෝපවනාරාමයේදී පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධානය කළ පාදයාත්රාව සඳහා සහභාගී වී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මෙලෙස පැවසීය .
"පිටරට එක්ක මොන ගිවිසුමක් ගැහුවත් කමක් නෑ, මේ වැට් බද්ද වෙනස් කරන්න ඕන. මුලින්ම රට ගැන, මිනිසුන් ගැන හිතන්න ඕන. ජනතාවට සහන දෙන්න ඕන. ඒ දේවල් ලබාගන්න තමා මේ අති විශාල ජනතාවක් අද මේ එක්රොක් වෙලා ඉන්නෙ.
රජය විසින් කුමන බාධා දැමුවත් බාධාවල ප්‍රතිඵලය මේ අති විශාල ඡනතාවගෙන් පේනවා.මොන ප්රශ්නය ආවත් අධිකරණයට ගරු කරමින් මේ පා ගමන කොළඹ බලා යනවා.අද වෙලා තියෙන්නෙ සමහර පොලිස් නිලධාරීන් නීතිය තමන්ගේ අතට ගන්නට යෑමක්. ඒ අයට කරන්න දෙයක් නැති නිසා හැමදේටම දේශපාලන උවමනාවට අධිකරණයට යනවා" යැයි මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසීය.