ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරුට බැනවැදී බලහත්කාරයෙන් ක්‍රීඩාංගණයට ඇතුළුවී ඇතැයි ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් සමග අද පස්වරුවේ (24දා) පස්වරුවේ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු
මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
මුරලිදරන් මෙම කණගාටුදායක හැසිරීම ප්‍රදර්ශනය කර තිබෙන්නේ ක්‍රීඩාංගණය පුහුණු කටයුතු සඳහා නිදහස්කර නොතිබියදී බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් කිරීමට පියවරගත් බවත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා පැවැසිය.
මුරලි හිටපු ක්‍රීඩකයෙක් පමණක් බවත් ලොව ඕනෑම කණ්ඩායමකට තම වෘත්තිය දැනුම ලබාදීමට මුරලිට අයිතිය ඇති බවත් මෙරට ජනතාව මෙය මුරලිගෙන් කිසිසේත් අපේක්ෂා නොකළ ක්‍රියාවක් බවද ප්‍රකාශ කළේය.
වෝන් - මුරලි කුසලානය සඳහා පැවැත්වෙන තරඟාවලියේදී අපේ යැයි පැවැසු මුරලි ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් අපට එරෙහිව පුහුණු කිරීම කෙතරම් සාදාචාරාත්මකද යන්න පිළිබඳව විමසා බැලිය යුතුව ඇතැයිද හෙතෙම පැවසුවේය.