වසර 220ක් පමණ පැරණි ලන්දේසීන් විසින් ඉදිකළ කුලුණක් අද (28දා) අලුයම කඩා වැටී තිබේ. මීගමුව කඳවල ප්‍රදේශයේ ඉදිකර තිබූ කුළුණ අඩි 150ක් පමණ උසවෙයි. 1796 වසරේදී මෙම කුලුන ඉදිකර ඇත්තේ සන්නිවේදන කටයුතු හා මැනුම් කටයුතු සඳහා බව පැවැසේ.
කඩා වැටුණු කුලුන පරීක්ෂා කිරීම සඳහා සඳහා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය හා මන්ත්‍රී රජිත හපුආරච්චි යන මහත්වරුන් එම ස්ථානයට ගියහ.