හෙට (01දා) පෙරවරු 9.00 සිට ඉදිරි දින 4 ක කාලය තුළ මීගමුව මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
පෑලියගොඩ නවලෝක වටරවුමේ සිට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ දක්වා වන මීගමුව මාර්ගයේ කිලෝ මීටර් 02 ක දුරක් කාපට් ඇතිරීමට කටයුතු කරන හෙයින් මෙසේ මීගමුව මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවනු ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
එහෙයින් මීගමුව මාර්ගය භාවිත කරන රියදුරන්ට පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලිස් මූලස්ථානය පවසයි.
01. පෑලියගොඩ නවලෝක වටරවුම හරහා ගමන් කරන වාහන කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට පෑලියගොඩින් ඇතුළු වී මීගමුව පාරේ අධිවේගී පිවිසුමෙන් නැවතත් මීගමුව පාරට පැමිණිය හැක.
02. මීගමුව සිට කොළඹ දෙසට පැමිණෙන වාහන පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ අසල මීගමුව පාරේ අධිවේගී පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වී කොළඹට පැමිණිය හැක.
03. අධිවේගී මාර්ගයට ඇතුළු වීමට අවසර නොදෙන ත්‍රිරෝද රථ, යතුරුපැදි, පාපැදි, සහ ට්‍රැක්ටර් සඳහා සහ මෙම මාර්ග කොටසේ පදිංචිකරුවන්ට සහ මගී ප්‍රවාහන බස් රථ සඳහා මීගමුව මාර්ගය භාවිත කිරීමට හැකියාව ඇත.