මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් එම කලාපයේ විදුහල්පතිවරුන් ප්‍රසන්න රණතුංග මහතාගේ ප්රචාරක රැස්වීමක් සඳහා සහභාගීකරවා ගැනීමට සූදානමින් සිටින බවට පැමිණිල්ලක් මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය (NEM HR) පෙන්වා දෙයි.
මීගමුව කලාපයේ සියලුම විදුහල්පතිවරුන් එළඹෙන 10 වැනිදා දවල් 12.00ට වලාන ලක්ෂ්මි විද්‍යාලයට කැඳවා විදුහල්පති රැස්වීමක් පවත්වා ඉන් අනතුරුව ඔවුන් ප්රචාරක රැස්වීමකට රැගෙනයාමට නියමිත බව මැතිවරණ නිරීක්ෂණ ජාලය පෙන්වා දෙයි.