මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ හඳුනාගත් ශිලාලිපි පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකළ ගවේෂණයේදී අලුතින් ශිලාලිපි 15 ක් සොයාගෙන ඇතැයි මිහින්තලේ කලාප භාර පුරාවිද්‍යා නිලධාරී කේ.එම්. සිසිර කුමාර මහතා පැවසීය.
ඉකුත් 30 වැනිදා මිහින්තලේ කළුදියපොකුණ භූමිභාගයෙන් ආරම්භ කරන ලද මෙම ගවේෂණයේදී මිහින්තලා පූජා භූමිය, කටුපොත කන්ද, පලුකුඹුරුවැව හා කල්ලංචියේ කපිරික්කඩ යන ස්ථානවල පරීක්ෂණ සිදුකරන ලදී.
උපුල් හේරත්