මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ටි.ලුඩවයික් නැවත වරක් වැල්ලමිපිටිය පොලිස් ස්ථානාධිපති ලෙස පත්කරන ලෙසට ඉල්ලීම් තිබුණත්, මැතිවරණ සමයේ එවැනි පත්කිරීමක් සිදු නොකරන බව පොලිස් මූලස්ථානය පවසයි.
වැල්ලමිපිටිය හිටපු ස්ථානාධිපති මුණසිංහ බණ්ඩාර මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ප්‍රදේශයේ ජනතාව විසින්ලුඩවයික් මහතා වැල්ලම්පිටිය පොලීසියට නැවත වරක් පත්කරන ලෙසඉල්ලීම් කළ බවත් පොලිස් මූලස්ථානය පවසයි.
කෙසේ වෙතත් මැතිවරණ කාලය තුළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. ලුඩවයික් වැල්ලමිපිටිය පොලිස් ස්ථානයට මාරු කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, ඔහුට ස්ථාන මාරුවක් ඇති බවට පළ වී ඇති විවිධ මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බවත් පොලිස් මූලස්ථානය පවසයි.