ඔබේ ශරීරය කොතරම් දුරට වයසට ගොස් ඇතිදැයි පරීක්ෂා කිරීම සඳහා ක්‍රමවේදයක් සොයාගත් බව විද්‍යාඥයෝ පවසති.
යම් පුද්ගලයෙක් මරණය පත්විය හැකි දිනය පුරෝකථනය කිරීමට මෙම පර්යේෂණය ඉවහල් වනු ඇති අතර, චිත්ත වික්ෂේප අවදානම වැඩි පිරිස්ද මේ ඔස්සේ හඳුනාගත හැකි බව ඔවුහු පවසති.
එමෙන්ම, මේ තුළින් ඖෂධ, විශ්‍රාම වැටුප් හා රක්ෂණාවරණ පිළිබඳ කල්තියා තීරණ ගත හැකි වනු ඇති බවද ඔවුහු පවසති.
මිනිසෙකුගේ උපන් දිනයට වඩා ඔහුගේ හෝ ඇයගේ ජෛවවිද්‍යාත්මක වයස පිළිබඳ පරීක්ෂා කිරීම වඩාත් යෝග්‍ය බව මෙම පර්යේෂණය සිදුකරන බ්‍රිතාන්‍යයේ කිංග්ස් විද්‍යාලයේ විද්‍යාඥයන්ගේ මතව වී ඇත.
යම් ශරීරයක සෛලවල පවතින වයසට යෑමේ සලකුණු දෙස මෙහිදී සලකා බැලෙන්නේ, ජාන 150ක පමණ හැසිරීම සසඳා බලමින් බවද ඔවුන් පෙන්වා දෙයි.