ශ්රී ලංකා යුද ජයග්රහණයේ පස්වැනි සැමරුම සමරන මැයි මස 18 වැනිදා ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේ චෙන්නායිහි පැවැත්වීමට නියමිත තරගය සඳහා අවසර නොදෙන ලෙස තමිල්නාඩු කොටි හිතවාදීන් චෙන්නායි පොලීසියට පවසා තිබේ.
චෙන්නායි පොලීසියට පෙත්සමක් ගොනුකරමින් ඔවුන් සඳහන් කරන්නේ මැයි මස 18 වැනිදා චෙන්නායි කණ්ඩායම හා බැංගලෝර් කණ්ඩායම අතර, චිදම්බරම් ක්රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරගයට අවසර නොදෙන ලෙසයි.
“මැයි 18 වැනිදා අපි විවිධ සැමරුම් උලෙළවල් සංවිධානය කර තිබෙනවා. ඒ දිනවල අයි.පී.එල්. තරග පැවැත්වීම දෙමළ ජනතාවගේ හැඟීම්වලට බලපෑම් ඇති කරනවා* යනුවෙන් මේ පිළිබඳව පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන රාජ්කුමාර් පලනිස්වාමි සඳහන් කරයි.
එසේම තම ඉල්ලීම් නොතෙකා එදින තරග පැවැත්වුවහොත් එයට එරෙහිව උද්ඝෝෂණ කරන බවද ඔවුහු පවසති. එසේ වුවත් මැයි 18 වැනිදා හැර වෙනත් ඕනෑම දිනයකදී චෙන්නායිහි තරග පැවැත්විය හැකි බවද ඔවුහු සඳහන් කරති.