සිහල රාවයේ සංවිධානයේ මහලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කෙසෙල්වත්ත පොලීසියට නියෝග කරනු ලැබීය.
නීති විද්‍යාලය ඉදිරිපිට සිදුකරනු ලැබූ උද්ඝෝෂණයක් පිළිබඳව කටඋත්තරයක් ලබාගැනීම සඳහා යොමුකළ සිතාසියක් භාරනොගැනීම හේතුවෙන් පඤ්ඤාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස මෙසේ මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර ඇත.