මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වූ බව රජයේ වෛද්‍යවරුන්ගේ නිලධාරි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත අනන්ද මහතා පැවැසීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ (11දා) පැවැති සාකච්ඡාවේදී ජනපතිවරයා ඉහත එකඟවීම සිදුකළ බවච ඔහු පැවැසීය.
කරුණු 06 සම්බනධයෙන් ජනපතිවරයා සාකච්ඡා පැවැත්වූ බවත් එම සාකච්ඡා සඳහා යහපත් ප්‍රතිචාර ලැබුණ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.