අන්තර්ජාතික වේදිකාවල දී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය අඛණ්ඩවම ලබා දෙන බව මාලදිවයින් විදේශ ඇමතිනිය ජනපතිවරයාට සහතික විය.
මාලදිවයින් විදේශ ඇමතිනී දුන්යා මවුමූන් අද (26දා) ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී ඇය මේ බව සඳහන් කළාය.
මවුමූන් මහත්මිය මාලදිවයින් විදේශ ඇමතිනිය ලෙස ශ්‍රී ලංකාවේ චාරිකා කළ දෙවැනි අවස්ථාව මෙය වන අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා සබඳතා තවදුරටත් වර්ධනය කිරීම, අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව කරුණු හුවමාරු විය.