පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීමේදී ඓතිහාසික දීපඋයන ආසන්නයේ කැණීමකදී පුරාවිද්‍යා නටබුන් මතුව තිබේ. ඊයේ (22දා) බැකෝ යන්ත්‍ර මගින් මාර්ගයේ කැණීම් කටයුතු සිදු කිරීමේදී ඉපැරණි ගල් කණු මතුව ඇති අතර, පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ ගල් ඇතිරීමක් මෙහි දක්නට ඇති බවයි. මේ අනුව එසේ ඇතිරී තිබූ ගල් කණු තුනක් ගල වී ගොස් ඇති අයුරුද දක්නට ලැබිණි.