මානුෂීය මෙහෙයුමේදී රජයේ හමුදාවන් විසින් රසායනික අවි භාවිත කර ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙසට ස්ටීවන් ජේ රැෆ් මහතාගෙන්, අගරදගුරු රායප්පු ජෝසප් හා අගරදගුරු තොමස් සුන්දරනායගම් ඉල්ලා අතැයි ෆොක්ස් නිවුස් සේවය වාර්තා කරයි.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ යුද අපාරාධ පිළිබඳ තානාපති හා කතෝලික අගරදගුරුවරුන් අතර පැවති හමුවකදී ඉහත ඉල්ලීම සිදුකර ඇතැයි ෆොක්ස් නිවුස් සේවය වාර්තා කරනු ලැබීය. යාපනයේ පැවති මෙම හමුවෙන් පසුව මාධ්‍ය අමතමින් ස්ටීවන් මහතා චෝදනා කළේ මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරයේදී රජයේ හමුදාවන් විසින් රසායනික අවි භාවිත කර ඇති බවට තොරතුරු වාර්තාවී ඇති බවයි.