ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු පසුගිය සතිය තුළ අත්අඩංගුවට ගැනීම හා රඳවාගැනීම සමග ශ්‍රී ලංකාව සඳහා මානව හිමිකම් කවුන්සිලයේ නිත්‍ය නිරීක්ෂණයක් අවශ්‍ය බව ඇමෙරිකාවට හැඟී යන්නේ යැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
රඳවා තබාගෙන ඇති සියලු දෙනා සම්බන්ධයෙන් ඉක්මනින් හා විනිවිදභාවයෙන් යුතුව නීතිමය කටයුතු ඉටු කරන ලෙසත්, ඔවුන්ට සිය නීති උපදේශකයන් හමුවීම සඳහා සම්පූර්ණ නිදහස ලබාදෙන ලෙසත් ඇමෙරිකාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවද තානාපති කාර්යාල නිවේදනයේ සඳහන් වෙයි.
"අප විසින් මෑත කාලයේදී සඳහන් කරනු ලැබුණු අයරින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත යෝජනාවක් ජාත්‍යන්තර ප්‍රජාව විසින් ගෙන ඒමට වර්තමානයේ හා අතීතයේ සිදුවූ මානව හිමිකම් කඩවීම් හේතුවී තිබෙනවා. මෙම නවතම සිදුවීම් සමග අපට අවබෝධ වන්නේ ශ්‍රී ලංකාව සඳහා මානව හිමිකම් කවුන්සිලයේ නිත්‍ය නිරීක්ෂණයක් අවශ්‍ය බවයි." යනුවෙන් තානාපති කාර්යාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.