මාතර සුල්තාන්ගොඩ, කලුදැත්ත ප්රදේශයේදී අද (08) පෙරවරුවේ අඩි 07 අඟල් 09 ක් දිගින් යුත් හැලකිඹුලකු ගම්වාසීන් විසින් අල්ලාගනු ලැබීය. මෙම හැලකිඹුලා සුල්තාන්ගොඩ වැවේ සිට ගම්මානය දෙසට පැමිණෙන්නට ඇති බවත්, එම වැවේ තවත් කිඹුලන් දෙදෙනෙකු පමණ සිටින බවත් ප්රදේශවාසීහු පවසති.
එසේම වනජීවී දෙපාර්තමේන්තුව හා මාතර දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකයට කොතෙක් පැමිණිලි කළද එම නිලධාරීන් මෙම කිඹුලන් ඇල්ලීමට ඉදිරිපත් නොවුණ බවද ප්රදේශවාසීහු පවසති.