තමාට හිමිවූ හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාට ඕනෑම අවස්ථාවක භාරදීමට කැමැත්තෙන් සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
චමල් රාජපක්ෂ මහතාට රජයේ අමාත්‍යධුරයක් ලබාදීමට පවා රජය සූදානම් බවත්, එහෙත් ඒ සඳහා හෝ හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිධුරය ලබාගැනීමට චමල් රාජපක්ෂ මහතා කැමැත්තක් නොදක්වන බවද පවසා සිටියේය.
චමල් රාජපක්ෂ මහතා ඉවත් කර තමා සභාපති ධුරය ලබාගත් බවට යම් යම් පිරිස් පවසන බවත්, එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවද ඔහු පවසා සිටියේය.