ආසන සංවිධායකරුවන් හා අපේක්ෂකයන් තේරීමේදී මහින්ද පිල කියා හෝ මෛත්‍රී පිල කියා සලකා බැලීමක් සිදුනොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
මතවාද දෙකක් තිබුණත් සාකච්ඡා වෙන වෙනම තිබුණත් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කණ්ඩායම් දෙක සමග සාකච්ඡා කිරීම සිදුකරන්නේ පක්ෂය ගැන සිතා බවද එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
ජාතික ආණ්ඩුව සමග සම්බන්ධ වී සිටින පිරිස් සමග පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිටත ස්ථානයකදී සාකච්ඡා කරන විට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් විවිධ විරෝධතා දක්වන බවත්, එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් සමග ජනාධිපතිවරයා නිල නිවසේදී සාකච්ඡා පවත්වන විට ආණ්ඩුව සමග එක්ව සිටින අය කිසිදු විරෝධයක් නොදක්වන බවද ඔහු පවසා සිටියේය.