හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (04දා) රාත්රියේදී දකුණු කොරියාව බලා පිටත්වීමට නියමිත බව වාර්තා වෙනවා. ඔහු සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරු කිහිපදෙනෙක්ද මෙම සංචාරයට එක්ව තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මහතාගේ දකුණු කොරියා සංචාරයේදී ඔහු එරට වෙසෙන ශ්රී ලාංකිකයන් හමුවීමට නියමිතය. ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, පියල් නිශාන්ත යන මන්ත්රීවරු මෙම සංචාරයට එක්වීමට නියමිතයි.