පාසල් මහා ක්රිකට් තරගවලදී මහාමාර්ග අවහිර වන ලෙස වාහනවලින් සිසුන් රැගෙන ගියහොත් අදාළ වාහනය හා රියදුරා පොලිස් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි.
මහනුවර නගරයේදී අන්තරායකාරී සහ මාර්ග අවහිර වන පරිදි සිසුන් රැගෙන යාම සම්බන්ධයෙන් මහනුවර පොලීසිය විසින් මෝටර් රථ 02 ක්, මොන්ටෙරෝ වර්ගයේ ජිප් රථයක් සහ කැබ්රථ 02 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
එමෙන්ම එම වාහන පැද වූ රියදුරන් 05 දෙනාද අත්අඩංගුවට ගෙන ඇත. වාහනවල ගමන් කළ සිසුන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ අතර, ඔවුන්ට අවවාද කිරීමටද පොලීසිය කටයුතු කොට තිබේ.