(UPDATE)අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය ධුරය දරන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම මංගල සමරවීර මහතා අමාත්‍ය ධුරය දරන මුදල් අමාත්‍යාංශය යටතට පැවරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට අයත්ව තිබූමහ බැංකුව හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමමුදල් අමාත්යාංශයටපවරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (28දා) නිකුත් කළේය.
එමෙන්ම ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය, ජාතික යෞවන තිළිණ ප්‍රදාන අධිකාරිය යන ආයතන සාගල රත්නායක මහතා අමාත්‍යධුර දරන ව්‍යාපෘති කළමනාකරණ තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයට පවරා ඇත.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලද එම අමාත්‍යාංශයට පවරා දී තිබේ.
දයා ගමගේ අමාත්‍යවරයා අමාත්‍යධුරය දරන ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතට කන්තලේ සීනි සමාගම පවරා ඇති අතර,සීමාසහිත ලංකා ලිට්රෝ ගෑස් සමාගම ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අමාත්‍යධුරය දරන රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශයටද පවරමින් මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත්කර තිබේ.