බස්නාහිර පළාතට හා දකුණු පළාතට පත්කරන මහ ඇමතිවරුන් ගැන විවිධ නම් ප්‍රකාශ වුවත්, එම පළාත් දෙකටම මෙතෙක් මහ ඇමැතිවරුන් නම්කර නොමැති බවත්, මහ ඇමතිවරුන් පත්කරන්නේ මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කළේය.
දකුණ, බස්නාහිර පළාත් සභා මැතිවරණය පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඊයේ (03දා) පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මේ බව සඳහන් කළේය.
මෙම ප්රවෘත්ති සාකච්ඡාවට කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක උදය ගම්මන්පිල මහතා සහ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංග මහතාද සහභාගී වූහ. එහිදී එම අපෙක්ෂකයන් දෙදෙනාගෙන් කෙනෙකු වුවත් බස්නාහිර පළාත් මහ ඇමතිවරයා විය හැකි බවද මහලේකම්වරයා සඳහන් කළේය.