බස්නාහිර හා දකුණු පළාත් සභා දෙක වෙනුවෙන් වූ අමාත්‍ය ධුර 8 වෙනුවෙන් සීතල යුද්ධයක් ආරම්භ වී ඇති බව 'අද' පුවත්පතට වාර්තාවේ.
බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති ලෙස ප්‍රසන්න රණතුංග මහතා පත් කිරීමත් සමග සෙසු ඇමති තනතුරු 04 සඳහා පළාත් සභාවට තේරීපත්වූ මන්ත්‍රීවරුන් දස දෙනෙකු අතර සටනක් බවට පත්වී තිබේ. බස්නාහිර පළාතේ අමාත්‍ය ධුර 04 බෙදී යෑමට නියමිතව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයට දෙකක්, කළුතරට එකක් හා ගම්පහ දිස්ත්‍රික්කයට එකක් වශයෙනි.