මාඋස්සාකැලේ ජල පෝශක ප්රදේශයට අයත් මස්කෙළිය සහ කුඩා මස්කෙළිය යන ප්රදේශවලට අද (06දා) ප.ව. 02.00 ට පමණ අයිස් වර්ෂාවක් පතිත වී ඇත.
විනාඩි 05 ක් පමණ මෙම අයිස් වර්ෂාව පැවති බව ප්රදේශවාසීහු පවසති. ඊයේ (05දා) පස්වරුවේ සිට මාඋස්සාකැලේ සහ කාසල්රී ජල පෝශක ප්රදේශයන්ට ගිගුරුම් සහිත වැසි පතිත විය.